Tuesday, July 23, 2024
HomeLocalසිරදඬුවම් නියම වී සිට ඇප ලැබුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමි..

සිරදඬුවම් නියම වී සිට ඇප ලැබුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමි..

වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් ඇප නියෝග අනුව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද  (22) නියෝග කළේ ය.

එහිදී උන්වහන්සේට මහාධිකරණය හමුවේ ඇප නියෝග කියවා දීම සිදුකළා.

අභියාචනාධිකරණ විනිසුරුන් වන සම්පත් අබේකෝන් හා පී. කුමාරත්නම් යන විනිසුරු මඬුල්ල විසින් පසුගිය සිකුරාදා දින උන්වහන්සේට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක ඇප ප්‍රදානයක් ලබා දුන්හ.

ඒ ඥාණසාර හිමි විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ අභියාචනා පෙත්සමක් සලකා බලා අවසානයේදියි.

2016 වසරේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් පසුගිය මාර්තු 28 ලබා දුන්නේ ය.

එම දඬුවම් නියෝගය සම්බන්ධව ඥාණසාර හිමියන් විසින් මහඅධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදුකළ අතර එම ඉල්ලීම පසුගිය අප්‍රේල් 2 වැනිදා ප්‍රතික්ෂේප විය.

ඒ අනුව සිය දණ්ඩණ නියෝගයන්ට එරෙහිව ඥාණසාර හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් යොමු කළ අතර එම පෙත්සම විභාගය අවසන් කළ අභියාචනාධිකරණය උන්වහන්සේ ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments