Wednesday, July 31, 2024
HomeLocalකථානායක දිවයිනට පැමිණි පසු පොලිස්පති ධුරය ගැන සාකච්ඡාවක්

කථානායක දිවයිනට පැමිණි පසු පොලිස්පති ධුරය ගැන සාකච්ඡාවක්

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී.

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව කථානායකවරයාත්, අග්‍ර විනිශ්චයකාරවරයාත් විසඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවද මේ ගැන ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් පවත්වා ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිත ය.

- Advertisment -

Most Popular

Recent Comments