Wednesday, July 31, 2024
HomeLocalරජයේ විධායක නිලධාරී කමිටුව අද මැ.කො. හමුවට

රජයේ විධායක නිලධාරී කමිටුව අද මැ.කො. හමුවට

මැතිවරණ කොමිෂන් සභාව සහ රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් අද (31) උදේ 11.30ට, රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වේ.

ස්වාධීන හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී විශේෂයෙන් අවධානය යොමුකර ක්‍රියා කළ යුතු කරුණු සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරේ.

මේ අවස්ථාවට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ නියෝජිතයන් 10 දෙනකු සහභාගිවීමට නියමිතය. අද මෙම සාකච්ඡාවට සහභාගි නොවන වෘත්තීය සංගම්වල පොදු ඉල්ලීම්වලට අමතරව ඉදිරිපත් කෙරෙන විශේෂ ඉල්ලීම් හා කරුණු ඇත්නම් ඒවා ද දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසම රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට දැනුම් දී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments