Wednesday, July 31, 2024
HomeLocalහිටපු පළාත් සභා මන්ත්‍රීවරු සෙට් එකක් රනිල්ගේ සහායට

හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සෙට් එකක් රනිල්ගේ සහායට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඒ අනුව ඔවුන් ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව පොරොන්දුවී ඇතැයිද සඳහන් කරයි.අද බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැති හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.එහිදී බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත.උතූරු මැද හිටපු මහ ඇමැති ඇස්.එම් රංජිත් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් බස්නාහිර පළාත් සභාවේ හිටපු පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් රැසක් ද මෙම හමුවට එක්ව තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments