Monday, August 5, 2024
HomeLocalවිශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළ වාර්තාව ජනපතිට යොමු කෙරේ

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළ වාර්තාව ජනපතිට යොමු කෙරේ

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වර්ෂ 2016 -2020 අතර කාලය තුළ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය සේවකයන් එක් ලක්ෂ අටදහසක් පමණ සිටින බවත්, ඔවුන් දැවැන්ත විශ්‍රාම වැටුප් විෂමතාවකට ගොදුරුව සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා  විසින් ලබා දී ඇති උපදෙස් මත මේ සියල්ල ඉතා සියුම්ව සොයා බලමින් විශ්‍රාමලත් රාජ්‍ය  සේවකයින්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට ස්ථිරසාර කඩිනම්  විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. 

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උදයා සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ විසඳුම් සෙවීම සඳහා කරුණු සොයා බලමින් සිටින බවත් ඉදිරි අයවැය තුළින් ඒ සඳහා ස්ථිරසාර විසඳුම් ලබාදීමට ඒ අනුව හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විශ්‍රාමික රාජ්‍ය සේවකයන්හ මතුව ඇති දැවැන්ත අසාධාරණය වන්නේ 2016- 2020  වර්ෂ අතර කාලය තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්  තමන් සමග සිටි වසරකට පසු විශ්‍රාම ලැබූ අයවලුන් ලබන වැටුපෙන් හරි අඩක් පමණක් ලබා ගැනීම බවයි. 

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ඒකාබද්ධ සංවිධානයේ සාමාජිකයන් සමඟ පසුගියදා  මේ පිළිබඳ තමා වැඩිදුරටත් සාකච්ඡා කළ බවත් ඉතා කෙටි කාලයක් තුළ මේ සඳහා විසඳුම් ලබා දීමට  ජනාධිපතිවරයා  විසින් මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් කැඳවන ලද බවත් ඒ අනුව එම වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

- Advertisment -

Most Popular

Recent Comments