Monday, August 5, 2024
HomeLocalආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව...

ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව IMF මතයයි – මුදල් රාජ්‍ය ඇමැති

ආර්ථිකය සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ  සහ ප්‍රතිපත්ති වෙනස් වුවහොත් නැවත රට අගාධයට වැටෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය පන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම සංවිධානයේ නියෝජිත පිරිස මෙරට සංචාරය නිම කිරීමෙන් පසු නිකුත් කළ මාධ්‍ය නිවේදනය සමබන්ධයෙන් අද (04) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පැමිණි නියෝජිත පිරිසේ නායකත්වය දැරූ පීටර් බෘෘවර් මහතා, විසින් මෙරට ආර්ථික වර්ධනය කාර්තුවෙන් කාර්තුවට ඉදිරියට ගමන් කිරීම පිළිබඳ ඇගයීමට ලක්කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි දී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම පිළිබඳ  උද්ධමනය පාලනය කර ගැනීම පිළිබඳව  හා විදේශ සංචිත වර්ධනය කර ගැනීම  පිළිබඳව  ද එහි දී ඇගයීමට ලක් කළ බව ද ඔහු පැවසීය.

මේ දිනවල විවිධ පිරිස් ඔවුන් බලයට පැමිණි පසු පඩි වැඩි කිරීම, බදු අඩු කිරීම ආදී කරුණු ගැන විවිධ අදහස් පළ කළ ද, මේ සියල්ල වත්මනෙහි ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති හා බැදී ඇති බැවින්, ඔවුන් එම දේවල් ක්‍රියාත්මක කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දැක්විය යුතු බවයි අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments