Wednesday, January 22, 2025
HomeLocalඑක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ සාමාජිකයන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක...

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ සාමාජිකයන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක අගෝස්තු 07, 2024

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership) සාමාජිකයන් වන ජැමෙයිකාවේ හිටපු මුදල් හා සැලසුම් අමාත්‍ය ආචාර්ය පීටර් ෆිලිප්ස්, කෙන්යාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී න්දිරිටු මුරියිති සහ කොන්ග්‍රස් අයවැය කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රිස්ටි හව්ලි ඇන්තනි යන මහත්ම මහත්මීහු පසුගියදා (01) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

මෙහිදී ඔවුන් පාර්ලිමේන්තු කාර්යමණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුන් සමග සුහඳ සාකච්ඡාවක නිරත වූ අතර, රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් එම දූත පිරිසේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ තෙදින වැඩමුළුව පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එසේම, පාර්ලිමේන්තු ක්‍රමය හා ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමය, කාන්තා නියෝජනය සහ පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා ක්‍රියාකාරකම් සහ එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

- Advertisment -

Most Popular

Recent Comments