Wednesday, August 7, 2024
HomeLocalතීරණාත්මක අවසන් එක්දින තරඟය අද

තීරණාත්මක අවසන් එක්දින තරඟය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ තුන්වන සහ අවසාන එක්දින තරඟය අද (07) පැවැත්වෙනවා.

තරඟය කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා-රාත්‍රී තරඟයක් ලෙස සවස 2.30ට ආරම්භ වීමට නියමිතයි.

අද තරඟය දෙපිළටම තීරණාත්මක තරඟයක් වනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයගතහොත් වසර ගණනාවකට පසු ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් එක්දින තරඟාවලියක් ජය ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වනවා. තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට මෙම තරඟයේ ජය ඉන්දීය කණ්ඩායමට ද වැදගත් වේ.

තරඟාවලියේ පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරඟය ලකුණු 32කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

- Advertisment -

Most Popular

Recent Comments