Friday, August 9, 2024
HomeLocalජනාධිපති වෙන්න 24ක් සූදානම්…

ජනාධිපති වෙන්න 24ක් සූදානම්…

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා 08 පස්වරු 04.00 වනවිට අපේක්ෂකයන් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඉන් 11 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කර තිබේ.

වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ශකයන් ලෙස 13 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

ලබන 15 වැනිදා පෙරවරු 09.00 සිට 11.00 දක්වා නාම යෝජනා භාර ගැනීම සිදුවෙයි.

පෙරවරු 09.00 සිට 11.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට හැකියාව පවතියි.

– නාගොඩ සුමන උදයන්ත

- Advertisment -

Most Popular

Recent Comments