Tuesday, September 3, 2024
HomeUncategorizedතැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම 95%කින් අවසන් - තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම 95%කින් අවසන් – තැපැල් දෙපාර්තමේන්තුව

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇතැයි, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, හමුදා කඳවුරු වෙත බෙදා හැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් ඉතිරිව ඇති බවයි.

ඒවා හෙට (02) බෙදා අවසන් කරන බව, ඔහු සඳහන් කළේ ය.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, 712,318 ක්.

වැඩිම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 76, 977 ක්.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 04,05 හා 06 යන දිනවල සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා අමතර සේවකයින් යොදා ගැනීමට මැතිවරණ කොමිසම අවසර දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව විශ්‍රාමිකයින් හෝ තාවකාලික සේවකයින් ඒ සඳහා යොදගත හැකියි.

එහෙත්, මෙතෙක් එවැනි අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව, තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments