Sunday, December 22, 2024
HomeEntertainmentරාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ...

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතුයි.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ඊයේ (23) පස්වරුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය සමරමින් සංවිධානය කළ තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමිනි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරන්න අපේ රජයට දැක්මක් තිබෙනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථීකයක් නිර්මාණය කිරීම මූළික කරගත් ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.

යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කළාප ඇතිකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජාත්‍යන්තර ඩිජිටල් සමාගම් සහ දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදකයින් අතර සබඳතාවයක් ඇති කිරීමත් අවශ්‍යයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම, ඒ සඳහා පහසුකම් සැපයීම, වෘත්තීයවේදීන් සඳහා අවශ්‍ය දීමනා ලබාදීමත් වැදගත්.

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළ යුතුයි. ඒවගේම ඩිජිටල් අංශය සඳහා කාන්තා දායකත්වය වැඩිකිරීමත් අවශ්‍යයි. මේ සඳහා සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ සභාපති ඊ. ඇලන්සෝ ඩොල්, ලේකම් සංජීව පෙරේරා යන මහත්වරුන් ඇතුළු සම්මානලාභීන් සහ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්, නවෝත්පාදකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

- Advertisment -

Most Popular

Recent Comments