පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි LP ගෑස් මිල වැඩිවන කාලසීමාවක මෙම තීරණය ගෙන ඇත.
තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණය සාර්ථකව සිදු කළ බැවින් මෙම සහනය ලබා දීමට හැකි වූ බව එම සමාගම පවසයි.
ඒ අනුව 2024 නොවැම්බර් මාසයට අදාළව පවතින මිල ගණන් වලංගුවන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ගෑස්වල පවතින මිල ගණන් මෙසේය.
12.5kg – රු. 3,690.00
5kg – රු. 1,482.00
2.3kg – රු. 694.00