Wednesday, January 22, 2025
HomeLocalබදුල්ල බස් අනතුරේ රියැදුරු, රියැදුරු බලපත්‍රය අත්හිටවූ රියැදුරෙක් බවට අනාවරණයක්...

බදුල්ල බස් අනතුරේ රියැදුරු, රියැදුරු බලපත්‍රය අත්හිටවූ රියැදුරෙක් බවට අනාවරණයක්…

විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් තවත් පිරිසකට තුවාල සිදුවූ බදුල්ලේ අනතුරට ලක්වූ බස් රථය පැදවූ රියැදුරුගේ බලපත්‍රය මාස 05 කට අත්හිටුවා තිබූ එකක් බව අනාවරණය වී තිබේ.

ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදූව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වැනිදා  යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් මුල්කරගෙන අධිකරණයෙන් මෙම පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබිණි.

එම අනතුර සිදුවූ අවස්ථාවේ අත්අඩංගුවට පත් රියදුරා අගෝස්තු 06 වැනිදා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 55,000ක දඩයක් නියම කර රියැදුරු බලපත්‍රය මාස 05 කට අත්හිටුවා තිබූ බව අද (05) අධිකරණයේදී අනාවරණය විය.

මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද  කරුණු ඉදිරිපත් කළේ ය.

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි මෙම රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසුව හිනිදුම පොලීසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගතවූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

ඉකුත්දා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු සතුව එම රියදුරු පත්‍රය තිබී ඇති බවත් අනාවරණය වී ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ මහත්මිය අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදානොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කළේ ය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව මණ්ඩපයේ සිසු සිසුවියන් සහ ආචාර්යවරු ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් තිබූ බස්රථය ඉකුත් 01 වැනිදා බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිඳට නුදුරු අඹගහඹය 4 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

මෙම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 42 නෙකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කෙරුණි.

- Advertisment -

Most Popular

Recent Comments