Sunday, December 22, 2024
HomeLocalපණ ඇති එකම දේශපාලන පක්ෂය අපි- දිලිත්

පණ ඇති එකම දේශපාලන පක්ෂය අපි- දිලිත්

ජනතාවාදී දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය කිරීම තම පක්ෂයේ අරමුණ බව සර්වජන බලයේ නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, රට ඉදිරියට ගෙනයාම සඳහා නව දැක්මක් සතු වන්නේ සර්වජන බලයට බවය.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේය.

“සර්වජන බලය අපේ දේශපාලන ව්‍යායමය හොඳ දේශපාලනයක් නැවත මේ ලංකාවේ ඇති කරන්න. හොඳ දේශපාලන පක්ෂයක්, බලවේගයක් ඔබට ආදරය කරන සෙනෙහසක් ඇති දේශපාලන පක්ෂයක් බිහිකරන්න. ඒ දේශපාලන බලවේගය ඉස්සර වගේ අනුන් වෙනුවෙන් දේශපාලනය කරන මිනිස්සුන්ගේ දේශපාලනයක් තමා අපි හදන්න හදන්නේ. වරප්‍රසාද භුක්ති විඳීමට හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ගැනීමට නෙමෙයි. සැබෑ මානුෂීය මුහුණුවරක්, ප්‍රවේශයක් ඇතිව කරන දේශපාලනයක් හැටියට. අපේ දේශපාලන ව්‍යාපාරය අද වෙනකොට ඉතාම සුළු කාලයක් තුළ මුහුකුරාගිය ඒ වගේම පණ ඇති එකම දේශපාලන පක්ෂය. අපිට අද පුළුවන් වෙලා තියෙනවා එකමුතු ජාතිකත්වය තුළ සියලු ආගම්, ජාතීන් එකමුතු කරගෙන යන ගමනක් සඳහා ප්‍රවේශ වීමට.”

- Advertisment -

Most Popular

Recent Comments