Sunday, December 22, 2024
HomeInternationalආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමෙරිකාව නිකුත් කළ ආරක්ෂක උපදේශය ඉවත් කෙරේ..

ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමෙරිකාව නිකුත් කළ ආරක්ෂක උපදේශය ඉවත් කෙරේ..

ආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ ය.

පසුගිය 23 වැනිදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශයක් නිකුත් කරමින් කියා සිටියේ , නැවත දැනුම් දෙන තෙක් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකාවට අදාළව පනවා ඇති එම ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරගන්නැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.  

- Advertisment -

Most Popular

Recent Comments