Sunday, December 22, 2024
HomeLocalඡන්දේ දාන්න යන්න අදත් සාමාන්‍ය පරිදි බස් සේවා - ලංකා ගමනාගමන මණ්ඩලය

ඡන්දේ දාන්න යන්න අදත් සාමාන්‍ය පරිදි බස් සේවා – ලංකා ගමනාගමන මණ්ඩලය

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යන ජනතාව වෙනුවෙන් අදත් සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ අධිකාරීවරුන් දැනුවත් කර ඇති බවයි.

මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති බස් රථ සංඛ්‍යාව, 1300 කට ආසන්නයි.

පෞද්ගලික බස් රථ ධාවනය තරමක් සීමා වන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, බස් රථ 3000 ක් පමණ අද පෙරවරුවේ ධාවනය වන බවයි.

මේ අතර, සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

- Advertisment -

Most Popular

Recent Comments