අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක් පවත්වා තිබේ.
ඒ, ධවල මන්දිරයේදී ය.
එහිදී ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්රම්ප්ට සුබ පැතුම් පිරිනමා තිබුණි.
ඔහු සඳහන් කර ඇත්තේ, ජනපති පුටුවට ඔහු සාදරයෙන් පිළිගන්නා බවයි.
පසුගිය ජූලි මාසයේදි අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ජෝ බයිඩන් ඉවත් විය.
ඔහු වෙනුවෙන්, ඊට ඉදිරිපත් වුණේ, කමලා හැරිස් ය.
එහිදී ඩොනල්ඩ් ට්රම්ප්, බහුතර බලයක් දිනා ගනිමින් යළි අමෙරිකානු ජනාධිපති ධුරයට පත්විය.
ලබන වසරේ ජනවාරී මාසයේ ඔහු එම ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.