Friday, May 24, 2024
HomeLocalශ්‍රී ලංකාවට අම්ල් වැසි අවදානමක්

ශ්‍රී ලංකාවට අම්ල් වැසි අවදානමක්

මධ්‍යම පරිසර අධිකාරිය දක්වන පරිදි පසුගිය දින ගිනිගැනීමට ලක්වූ Express Pearl නෞකාවේ අහිතකර විශ රසායනික ද්‍රව්‍ය නිසා පරිසර පද්ධතියට දැඩිලෙස බලපාන බව අනතුරු අඟවනවා. එහි සභාපති එස්. අමරසිංහ පැවසුවේ නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටලු මතුවිය හැකි බවයි. නෞකාව තුල නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25 ක් පමණ පවතින බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් පමණ වනවා. එබැවින් මුහුදට වැටෙන ද්‍රව්‍ය ස්පර්ෂ කිරීමෙන් වලකින ලෙස ජනතාවගෙන් යළි ඉල්ලා සිටින බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා. මේ අතරම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පැවසුවේ මෙම නෞකාවෙන් බැහැර වූ රසායනික ද්‍රව්‍ය නිසා කොරල්පර සහා මත්ස්‍යයින්ට දැඩිලෙස බලපෑම් ඇතිවිය හැකි බවත් තවද මෙම රසායනික ද්‍රව්‍ය නිසා අම්ල් වැසි ඇතිවීමේ අවදානමක්ද ඇති බවයි. තවද මෙම මෙම වෙරළට ගොඩගැසුණු ද්‍රව්‍ය අසලට යෑමෙන් වලකින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියා.

- Advertisment -

Most Popular

Recent Comments