Friday, May 24, 2024
HomeLocalප්‍රීමා තිරිගු පිටි මිල ඉහල දමයි

ප්‍රීමා තිරිගු පිටි මිල ඉහල දමයි

ප්‍රීමා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පිටි වර්ග වලින් රොටි පිටි වල මිල රු.4 කින් අද (01) දින සිට ඉහල නංවා ඇති බව එම සමාගමේ ඒජන්තවරුන් කියා සිටිනවා. ආපනශාලා වල රොටි පිටි වලින් ආහාර රැසක් පිලියෙල කරන අතර පාරිභෝගිකයන්ද විශාල වශයෙන් රොටි පිටි මිල දි ගනු ලබනවා. රොටි පිටි වලින් ආපනශාලා හිමියන් කොත්තු රොටි, පොල් රොටි, අල රොටි, බිත්තර රොටි, පිට්ටු, ඉදි ආප්ප සහ පරාටා වැනි ආහාර ද්‍රව්‍ය පිලියෙල කරනු ලබයි. රොටි පිටි කිලෝ 50ක මිටියක් මිට ප්‍රථමව රුපියල් 2,150කට අලෙවි කල අතර, නව මිල අනුව රු 2350 කට රොටි පිටි කිලෝ 50 ක් සහිත මිටියක් අලෙවි කිරිමට සිදු වන බවයි ප්‍රීමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

- Advertisment -

Most Popular

Recent Comments