Friday, May 24, 2024
HomeLocalමේ සතියේ ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුයි - නැත්තම් ශ්‍රී ලංකාව...

මේ සතියේ ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවිය යුතුයි – නැත්තම් ශ්‍රී ලංකාව බංකොලොත්

ලෝකය හමුවේ අද වන විට ශ්‍රී ලංකාව විශාල ණය අර්බූදයකට ලක්වී ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.ඒ අනුව මෙම සතිය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන ලදී.

කෙසේ වෙතත් එසේ වීමට ආණ්ඩුව ඉඩ නොතබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.නමුත් රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් විය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.හදිසියේ හෝ මෙම ණය වාරිකය ගෙවා දැමීමට නොහැකි උවහොත් අපේ රට “සී” කාණ්ඩයේ රටක් ලෙස බංකොලොත් බවට පත්වන බව සදහන් කරන ලදී.

එසේ උවහොත් විදේශ රටවලින් භාණ්ඩ ආනයනය කිරීමේදී ණයවර ලිපි නිකුත් කිරීමට සිදුවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී.එය ඉතාමත් විශාල අර්බුදයක් බව සදහන් කළ ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කළේ වත්මන් රජය මේ සියලු අර්බුදයන් මැද මේ ඉලක්කය කෙසේ හෝ ජයගන්නා බවද සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments