Friday, May 24, 2024
HomeLocalපොලිස් නිළධාරින් කරන වැරදි වලට නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට ඇමති සරත්...

පොලිස් නිළධාරින් කරන වැරදි වලට නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට ඇමති සරත් නියෝග කරයි

මේ දින වල රටේ විවිද ප්‍රදේශ වලින් පොලිස් නිළධාරීන් සම්භන්දව වන චෝදනා පිළිබඳව වාර්තා වෙමින් තිබේ.එය මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීම උදෙසා ඉතාමත් ගැටළු සහගත තත්වයක් බව රටේ මේ වන විට සාකච්ජා වෙමින් තිබේ.

ඒ අනුව විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහජන ආරක්ෂාව බාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත .

නිලධාරීන් අධීක්ෂණය කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ට එරෙහිව ද විමර්ශන සිදුකරන ලෙසට අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

පසුගිය දිනවල දී විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් ක්‍රියාවන්වල නිරත වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්වූ බවත් මොවුන්ගේ මෙම ක්‍රියාකලාප හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් බවට අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත යොමුකර ලිපියේ සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙසට ද පොලිස්පතිවරයා වෙත අමාත්‍යවරයා දැනුම් දී ඇත .

- Advertisment -

Most Popular

Recent Comments