Friday, May 24, 2024
HomeLocalමහජන මුදලින් කෞතුකාගාර ඉදි කෙරූ නඩුවේ ඉතිරි 6 ත් නිදහස්

මහජන මුදලින් කෞතුකාගාර ඉදි කෙරූ නඩුවේ ඉතිරි 6 ත් නිදහස්

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් තවත් විත්තිකරුවන් හය දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇත

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුවේ තවත් විත්තිකරුවන් හය දෙනෙකු අද අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

රුපියල් මිලියන 33.9 ක මහජන අරමුදල් භාවිතා කරමින් මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකර ඇති බවට චෝදනා කරමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

2019 නොවැම්බරයේදී ජනාධිපති රාජපක්ෂ මහතා කොළඹ නිත්‍ය මහාධිකරණය විසින් මෙම නඩුවෙන් නිදහස් කරන ලදී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු විභාගය අත්හිටුවීමට ද නඩු විභාගයේදී විනිසුරු මඬුල්ල නියෝග කළේය.

- Advertisment -

Most Popular

Recent Comments