Friday, May 24, 2024
HomeLocalඇමති ගම්මන්පිලගේ විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය අද තීරණය කිරීමට නියමිතයි

ඇමති ගම්මන්පිලගේ විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය අද තීරණය කිරීමට නියමිතයි

පසුගිය දින වල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී සිටි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ වන විට දේශපාලනික වශයෙන් කිසියම් අර්බුදයකට ලක්වී ඇති ආකාරය දැක ගත හැකිය.එය ආණ්ඩු පක්ෂයේම පිරිසකගේ කුමන්ත්‍රණයක් බව ඒ මහතා හට සහය දක්වන ඇතැම් පාර්ශව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් එවැනි පසුබිමක් යටතේ අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද රැස්වීමට නියමිතය.

එමෙන්ම මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සහ එම රැස්වීම්වලදී විවාදයට ගන්නා කරුණු පිළිබඳවද අද පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කෙරෙණු ඇත.

- Advertisment -

Most Popular

Recent Comments