Friday, May 24, 2024
HomeLocalරටට නායකත්වය දෙන්න මටත් පුළුවන් - අර්ජුන කියයි

රටට නායකත්වය දෙන්න මටත් පුළුවන් – අර්ජුන කියයි

මේ වන විට නිර්මාණය වෙමින් පවතින දේශපාලන ක්‍රියාවලිය මත 2025 වසරේ විපක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විට කථිකාවක් නිර්මාණය වී තිබේ.ඒ සඳහා පුරෝකථනයක් සපයමින් ඉදිරියේදී රටට නායකත්වය දීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පැවැසීය .

අවස්ථාව ලැබුණහොත් රට වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව පැවසූ රණතුංග මහතා 2015 වසරේදී මාදුළුවාවේ සෝභිත හිමියන් පොදු අපේක්ෂකයා ලෙස යෝජනා කළේද තමා යැයි සඳහන් කළේය.

අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය .

“අර්ජුන රණතුංගට සමහරුන් ළඟ තියෙන්නේ ලොකු බයක්.ඒක නිකන්ම නිකන් බයක් නොවෙයි .දේශපාලන බයක්.මොකද මම ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියලා සමහරුන්ට බයක් තියෙනවා. ඉම්රාන් ඛාන් කෙනෙක් ඕන නම් මට ඒක වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන්ට ඕන නම් එහෙම වුණාම මොකද වෙන්නේ.ක්‍රීඩාව කරනකොටත් දේශපාලනය කරන කොටත් මම හරි දේ කළා.හොරකම් කරන්න දුන්නේ නෑ. කරන්න දීපු ආයතන සුද්ද කළා. “

” මට අවස්ථාව ලැබුණොත් රට හදන්න එනවා.මම මෙච්චර කල් බෙල්ල දෙන්න ආවෙ නෑ. මේ ක්‍රීඩාවෙන් එළියට ගිහිල්ලා මම බෙල්ල දෙන්න එනවා. මම මේ දක්වාම හිතුවේ මේ රටේ ඕනෑතරම් නායකයෝ ඉන්නවා කියලයි.නමුත් මට දැන් පේනවා මේ රටට ආදරය කරන නායකයෝ නැහැ කියලා. රටට ආදරය කරලා රට හදන්න එන නායකයෝ “

- Advertisment -

Most Popular

Recent Comments