Friday, January 10, 2025
HomeLocalපෞද්ගලික රෝහල් වලින් කරණා PCR හා අන්ටිජන් වලට රජය මිලක් නියම කරයි

පෞද්ගලික රෝහල් වලින් කරණා PCR හා අන්ටිජන් වලට රජය මිලක් නියම කරයි

මේ වන විට රටේ පවතින රෝහල් පහසුකම් හා සෞඛ්‍ය සේවා යම් කාර්යය බහුල මට්ටමකට පත්වී ඇති වපසරියක කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා යොදාගන්නා පී.සී.ආර්. පරීක්‍ෂණයක උපරිම ගාස්තුව රුපියල් 6500ක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවක උපරිම ගාස්තුව රුපියල් 2,000ක් ද, ලෙස පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මෙම උපරිම මිල නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය. පෞද්ගලික රෝහල් මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා රුපියල් 8000 මුදලක් ද, ඇන්ටිජන් පරීක්‍ෂාවකට රුපියල් 2500 සිට 3000 දක්වා මුදලක් අය කරයි.

මෙම තත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි පිළිබඳව අවදානය යොමු කරමින් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතාගේ මැදිහත් වීමෙන් මෙම උපරිම මිල නියම කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments