Friday, May 24, 2024
HomeLocalබන්ධනාගාරවල වාට්ටු ධාරිතාවය ඉක්මවා යයි

බන්ධනාගාරවල වාට්ටු ධාරිතාවය ඉක්මවා යයි

බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ.

රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිඟයක් පවතින අතර දැනට පවතින වැසිකිළිවලින් 287ක් අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පවතින බව සඳහන්ය.

බන්ධනාගාර ගත කෙරෙන රැඳවියන් වෙනුවෙන් ඇප නියම කර තිබුණ ද ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර ගතව සිටින සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.

එලෙස බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 1,795 දෙනෙකු බව ද එම වාර්තාව සඳහන් කළේය.

එමෙන්ම බන්ධනාගාර දෙකක 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ඇති වූ විවිධ ගැටලු හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති බව ද බන්ධනාගාරවල පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

- Advertisment -

Most Popular

Recent Comments