Friday, May 24, 2024
HomeLocalවැට් අඩුකරන්නැයි ඉල්ලුවාට වැඩක් නෑ - බන්දුල

වැට් අඩුකරන්නැයි ඉල්ලුවාට වැඩක් නෑ – බන්දුල

වැට් බදු අඩුකරන ලෙස බලකරමින් පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, විරෝධය දක්වන කණ්ඩායම් එසේ නොකොට සුදුසු වෙනත් විකල්ප ඉදිරිපත් කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

අද කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගෙන් අයකරන බදු යොදාගන්නේ රාජ්‍ය සේවක වැටුප් ඇතුළු අත්‍යවශ්‍ය දීමනා සහ වියදම් පියවාගැනීම සඳහා පමණක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,

“වැට් අඩු කරලා වැටුප් නැතුව ජීවත්වෙන්න පුළුවන්ද? විශ්‍රාම වැටුප් නැතුව ජීවත්වෙන්න පුළුවන්ද? සමෘද්ධි,අස්වැසුම නැතුව ජීවත්වෙන්න පුළුවන්ද? ගත්ත ණය පොලී ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ගතවූ වර්ෂයේ භාණ්ඩාගාරයට ලැබුණේ ට්‍රිලියන තුනයි ට්‍රිලියන 13ක් වියදම් කරලා තියෙනවා එතකොට ට්‍රිලියන 10ක් හොයාගෙන තියෙන්නේ ණයට රුපියල් 5000 ගාණේ අවුරුදු 100ක් ඉතිරි කළොත් ඉතුරු කරන්න පුළුවන් මිලියන හයයි බිලියනයක් ඉතුරු කරන්න අවුරුදු දහසය දාහක් ගතවනවා ට්‍රිලියන 10ක් ණයට ගත්තා කිව්වම අර්බුදය ගැන හිතාගන්න”

- Advertisment -

Most Popular

Recent Comments