Friday, May 24, 2024
HomeLocalඅඩු බර පාන් අලෙවි කළ වෙළෙඳුන් 100කට නඩු

අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳුන් 100කට නඩු

අඩු බර පාන් අලෙවි කළ හා නිෂ්පාදනය කළ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය සඳහන් කළේ, ඊයේ (06) හා පෙරේදා (05) දිනවල කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ආරම්භ කළේ ය.

ඒ අනුව බේකරි සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments