Friday, May 24, 2024
HomeLocalලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ඊයේ රටපුරා උද්ඝෝෂණවල

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ඊයේ රටපුරා උද්ඝෝෂණවල

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් දියත් කරන ලද උද්ඝෝෂණ රට පුරා පැවැත්විණි. සියලු සේවක සංගම් හා වෘත්තීය සමිති එක්ව දීපව්‍යාප්තව සංවිධානය කරන විරෝධතාවට හා උද්ඝෝෂණයට සහය දක්වමින් මහනුවර විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් දැක්වූ විරෝධයේ අවස්ථාවකි මේ.

වෘත්තීය සමිති මර්දනය වහා නවතනු, ජනතාවගේ විදුලි බිල වහා අඩු කරනු, වැඩ තහනම් කළ සියලු සේවකයන් වහාම සේවයේ පිහිටවනු, ජාතික සම්පත් විකුණන පනත් වහා හකුළා ගනු යනුවෙන් ආණ්ඩුවට බලකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් රට පුරාම විරෝධතාවක නිරත වන අතර ඊට සමගාමීව එම විරෝධතාවට සහය පළ කරමින් මෙලෙස මහනුවරදී විරෝධය දක්වන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments