Friday, May 24, 2024
HomeLocalඅනුර ඇතුළු පිරිස ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙති

අනුර ඇතුළු පිරිස ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙති

ඉන්දීය සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස 06 වැනිදා නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවූහ.Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව දූත පිරිස ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක නිරත වූහ.

- Advertisment -

Most Popular

Recent Comments