Friday, May 24, 2024
HomeUncategorizedඉරාන විදේශ ඇමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉරාන විදේශ ඇමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන්මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා 21 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටී.
එම සංචාරයේ දී ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන මහත්වරු හමුවීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments