Friday, May 24, 2024
HomeLocalවිදුලි බිල අඩු කරන නිසා නඩත්තු කටයුතු කල්දාන්න වෙනවා - විදුලිබල මණ්ඩලය

විදුලි බිල අඩු කරන නිසා නඩත්තු කටයුතු කල්දාන්න වෙනවා – විදුලිබල මණ්ඩලය

පොරොන්දු වූ පරිදි විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.

එහෙත් නඩත්තු කටයුතු ප්‍රමාද කිරීමට සිදුවන බව ඔහු පැවසීය.

“අපිට මහජන උපයෝගීතා කොමිසම කිව්වා අවශ්‍යම නඩත්තු පමණක් කරන්න අනෙක් ඒවා එහාට මෙහාට කරගන්න කියලා. මහජන උපයෝගීතා කොමිසම දුන්නු උපදෙස් අනුව අපි ඒක සකස් කළා. අපි නඩත්තු එහාට මෙහාට කළා. වාහනයක් ඔයිල් මාරු කරලා ෆිල්ටරේට හුළං අල්ලලා පාවිච්චි කරනවා වගේ.  ඒ තත්ත්වයට ආවාම කඩා වැටුණට පස්සේ ගොඩ දාන්න අපහසුවෙයි.”

- Advertisment -

Most Popular

Recent Comments