Friday, May 24, 2024
HomeLocalවිජයදාසගේ විරෝධතා ඉවතට - දුමින්ද ඉල්ලූ වාරණයට ඉඩ

විජයදාසගේ විරෝධතා ඉවතට – දුමින්ද ඉල්ලූ වාරණයට ඉඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබා දුන්නේය.

මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති නිසා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ඊයේ (14) දින විරෝධතා මතු කර තිබිණි.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බව නියෝගයේ සඳහන් වුණි.

එම වාරණ නියෝගය පිළිබඳව වැඩිදුරටත් අද දහවල් කරුණු දැක්වීමට නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments