Wednesday, December 18, 2024
HomeUncategorizedවිදෙස් ජාතිකයින් දෙදෙනෙක් මහනුවර දී කොටුවෙති

විදෙස් ජාතිකයින් දෙදෙනෙක් මහනුවර දී කොටුවෙති

වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් දෙදෙනෙකු මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 සහ 32 හැවිරිදි වයස්වල පසුවන ඉතාලි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් බව සඳහන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

- Advertisment -

Most Popular

Recent Comments