Monday, November 11, 2024
HomeLocalඡන්දෙට පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි

ඡන්දෙට පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවය.

2024 මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අදළා ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි.

- Advertisment -

Most Popular

Recent Comments