Tuesday, January 28, 2025
HomeLocalශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද..

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද..

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි.

උදෑසන 7 ට ආරම්භ වන ඡන්ද විමසීම අවසන් වන්නේ, පස්වරු 4 ටයි.

මධ්‍යස්ථාන, 13,421 කදී ඡන්ද විමසීම පැවැත්වෙයි.

ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව, එක් කෝටි 71 ලක්ෂ 40,354 කි.

ඉන්, වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින්නේ, ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයේ ය.

එම සංඛ්‍යාව, 18 ලක්ෂ 81,129 කි.

මන්නාරම, මෙවර අඩුම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රික්කයයි.

එම දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 91 607 ක්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටී.

මෙරට පාර්ලිමේන්තුව, සභික ධුර 225 කින් සමන්විතයි.

ඉන්, 196 දෙනෙකු තෝරා පත් කර ගැනෙන්නේ, ඡන්දයෙන් ය.

ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසෙයි.

ඒ අනුව මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව, 8,361 කි.

ඉන්, අපේක්ෂකයින් 5006 ක් ඉදිරිපත්ව සිටින්නේ, දේශපාලන පක්ෂ වලින් ය.

ස්වාධීන අපේක්ෂකයින් ගණන, 3346 කි.

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, 2034 ක් ස්ථාපිත කර ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති සමස්ත නිලධාරීන් සංඛ්‍යාව, ලක්ෂ දෙකක් පමණ වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ඡන්ද දායකයින්ට උපදෙස් මාලාවක් ද නිකුත් ක‌ළේ ය. 

- Advertisment -

Most Popular

Recent Comments