Friday, May 24, 2024
HomeLocalඇප අවලංගු කිරීමට එරෙහිව රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම මැයි 29 වනදා කැඳවීමට නියෝග

ඇප අවලංගු කිරීමට එරෙහිව රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම මැයි 29 වනදා කැඳවීමට නියෝග

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රදානය කළ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව ඒ මහතා විසින් ඉදිරිපත් කර  තිබෙන ප්‍රතිශෝධන පෙත්සම මේ මස 29 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අදාළ අභියාචනා පෙත්සම අද(19) අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු තහවුරු කළේය.

ඒ අනුව පෙත්සම යළි ලබන 29 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට විරෝධතා තිබෙන ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.
 
අදාල ප්‍රතිශෝධන පෙත්සම තුළින්  රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස 30 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඇප මත මුදා හරිමින් නිකුත් කරනු ලැබූ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව නීතියට පටහැනි බවයි.

නීතිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශ කර ඇතැයි ද එ තුළින් චෝදනා කර ඇත.

ඒ අනුව මෙම පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments