Monday, May 20, 2024
HomeBusinessකොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින්...

කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 5 වන දිනයටත් අද (19) දිනයේ දී ඉහළ යන ලදී.

මෙහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.18 කින් හෙවත්, 2.04% කින් ඉහළ ගොස් ඒකක 4,701.03 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 38.94 කින් ඉහළ ගොස් ඒකක 1,886.65 ක් ලෙසින් සටහන් විය. ඒ අනුව S&P SL20 දර්ශකය අද දින 2.11 % කින් ඉහළ ගොස් ඇත.

දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.18 කි.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංස්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ලංකා දුම්කොළ සමාගම, මෙල්ස්ටාකෝප් සහ LOLC යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

- Advertisment -

Most Popular

Recent Comments