Friday, May 24, 2024
HomeLocalආණ්ඩුවේ ලීසිං සහනයේ වරදින් අද වනවිට මිනිස් ජීවිතයක් අහිමි වෙලා – සජිත්...

ආණ්ඩුවේ ලීසිං සහනයේ වරදින් අද වනවිට මිනිස් ජීවිතයක් අහිමි වෙලා – සජිත් ප්‍රේමදාස

කොරෝනා උවදුර හේතුවෙන් රජය විසින් ලබා දුන් ලිසිං සහන නිසි අයුරින් ක්‍රියාත්මක නොවූ බව හිටපු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.

රජය විසින් ලිසිං සහනය නිසි අයුරින් ලබා නොදීම හේතුවෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට ද අද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

තව ද මෙම කාල සීමාවේදී පැහැර ගැනීම්, ජීවිත අහිමිවීම් හා විවිධ ඝාතන සිදු වූ බවත් රටේ ජාතික ආරක්ෂාව එය බරපතළ ගැටලුවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments