Monday, May 20, 2024
HomeLocalSTF නව අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර රාජකාරී අරඹයි

STF නව අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර රාජකාරී අරඹයි

විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා අද විශේෂ කාර්ය බලකා මුලස්ථානයේදී රාජකාරී ආරම්භ කළේ ය.

2001 පෙබරවාරි මස පළමු වැනිදා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්වු ජයසුන්දර මහතා 2002 වසරේ අප්‍රේල් 25 දින පොලිස් විශේෂ කාර්ය බලකාය අනියුක්ත කෙරිණ.

විශේෂ කාර්ය බලකායේ වසර 16 ක සේවා කාලයක් සම්පූර්ණ කළ වරුණ ජයසුන්දර මහතා එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා රාජකාරී කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා උතුරු ප්‍රදේශයට මාරු කෙරිණ.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු නවදිල්ලි සහ සිඩ්නි විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හැදෑරු දක්ෂ නිලධාරියෙකි.

- Advertisment -

Most Popular

Recent Comments