Sunday, February 23, 2025
HomeInternationalඉන්දියාවට ආරක්ෂක කවුන්සිලයේ අසුනක්

ඉන්දියාවට ආරක්ෂක කවුන්සිලයේ අසුනක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අසුනක් දිනා ගැනීමට ඉන්දියාව සමත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකත්ව අසුනක් සඳහා ඉන්දියාව තේරීපත්ව තිබේ.

ඒ කවුන්සිල මහා සම්මේලනය හමුවේ පැවැති ඡන්ද විමසීමකදී එහි සාමාජිකයින් 193 දෙනාගෙන් 184දෙනෙකුගේ ඡන්දය දිනාගනිමින්.

ආසියානු පැසිෆික් කලාපීය කාණ්ඩය යටතේ ඉන්දියාව තේරීපත්ව ඇත්තේ 2021 -22 කාලසීමාව සඳහායි. 

ඉන්දියාවට අමතරව අයර්ලන්තය, මෙක්සිකෝව සහ නෝර්වේ යන රාජ්‍යයන්ද මේ සඳහා තේරීපත්වූ අනෙකුත් රාජ්‍යයන් වෙයි.

ඉන්දියාව මීට පෙරද එම අසුන සඳහා තේරීපත්ව ඇති අතර 2011 -12 කාලසීමාවත් සමඟින් එසේ සුදුසුකම් ලැබූ අවස්ථා ගණන 7ක්.

- Advertisment -

Most Popular

Recent Comments