Sunday, May 19, 2024
HomeLocalපොලිස් බුද්ධි නිලධාරියෙකු මියගිය තුම්මුල්ල අනතුරේ බීමත් රියදුරු රත්වත්තේ පුත්‍රයාට ඇප

පොලිස් බුද්ධි නිලධාරියෙකු මියගිය තුම්මුල්ල අනතුරේ බීමත් රියදුරු රත්වත්තේ පුත්‍රයාට ඇප

බම්බලපිටිය, තුම්මුල්ල ප්‍රදේශයේ දී රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්ත පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ බීමත් රියදුරු ලෙස කටයුතු කළ 24 හැවිරිදි රගර් ක්‍රීඩක තරින්ද රත්වත්තේ යන අය ඇප මත මුදා හැර ඇත.

නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට අළුත්කඩේ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

තුම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරින් එක් පොලිස් නිලධාරීයෙක් මිය ගිය අතර අනෙක් නිලධාරීයා දරුණු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.මිය ගිය පොලිස් නිලධාරියා පොලිස් බුද්ධි අංශයට අනියුක්ත නිලධාරියෙකු වන අතර පසුගියදා කොළඹ, ජාතික රෝහල අසලදී සිදුවූ රුපියල් ලක්ෂ හැත්තෑ ගණනක මුදල් මංකොල්ලයට අදාළ පුද්ගලයා අල්ලා ගත් 22 හැවිරිදි පොලිස් නිලධරයාද වේ.

මෙම නඩුවේ විත්තියේ පාර්ශවය වන අනතුරට මුල්ව ඇති රථය පදවාගෙනවිත් ඇති පුද්ගලයා මහනුවර ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තේ යන අය වන අතර ඔවුන් නුවර රත්වත්තේ පවුලේ සාමාජිකයින් බව වාර්තා වෙයි.

- Advertisment -

Most Popular

Recent Comments