Friday, May 24, 2024
HomeLocalපොහොට්ටුවේ මනාප පොරය ඇරඹේ – මාතර පාක්ෂිකයෝ අතර ආරවුලකින් පිරිසක් රෝහලේ

පොහොට්ටුවේ මනාප පොරය ඇරඹේ – මාතර පාක්ෂිකයෝ අතර ආරවුලකින් පිරිසක් රෝහලේ

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් මේ වනවිට දිවයින පුරා සියලු පක්ෂ සංවිධාන කටයුතු ක්‍රියාත්මක කිරීම සුලබ දසුනක් උවද ආණ්ඩු පක්ෂයට අදාළ දේශපාලන කණ්ඩායම තුල මනාප පොරය දැඩිව ක්‍රියාත්මකවන මේ දිනවල දැකිය හැකිය.මෙම මනාප පොරය පුපුරා යාමේ පුවතක් අපට අද (21) දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා විය.

එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී ඇති අතර එහිදී පොදුජන පෙරමුණේ කොටපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විසින් තවත් එම පක්ෂයේම අයෙකු හට පහරදී ඇති බව වාර්තා වේ.

අද පෙරවරුවේ කොටපොළ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දක්වන ප්‍රාදේශීය නියෝජිතයන්ගේ හමුවක් පැවැත්වීමට තිබී ඇති අතර ඊට හිටපු අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක මෙවර මහ මැතිවරණ අපේක්ෂක වීරසුමන වීරසිංහ යන අයගේ මූලිකත්වයෙන් මෙම හමුව පවත්වා ඇත. කොටපොල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පැවති මෙම රැස්වීමට එම බලප්‍රදේශයෙන් පිටත පොදුජන පෙරමුණේ අයෙකු සහභාගී වී ඇති බව කියමින් බහින් බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග ගොස් එම සාමාජිකයා හට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් පහරදී ඇති බව සඳහන්.

මෙම පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ පහර දුන් පුද්ගලයින් එකම පක්ෂයේ උවත් තමන් සහාය දක්වන අපේක්ෂකයන් වෙනස්වීම මත, මනාප පොරය මත මේ ගැටුම සිදුව ඇතිබව මේ පිළිබඳව අප සිදුකල සොයාබැලීමකදී වාර්තා විය. මාතර දිස්ත්‍රික්කය තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුල පවතින දැඩි මනාප තරඟය මෙම සිදුවීමත් සමඟම එළිපිට සටනක් බවට පත්ව ඇති බව සඳහන්.

- Advertisment -

Most Popular

Recent Comments