පසුගිය උත්සව සමයේ විශාල ජනතාවක් සිය අලුත් අවුරුදු සැමරීම සදහා කොළඹ දිස්ත්‍රිකයේ සිට සිය ගම්බිම් බලා ගමන් කරන ආකාරය දක්නට ලැබුණි.ඒ නිසාවෙන් විශාල වාහන ප්‍රමාණයක් කොළඹ නගරයෙන් පිටතට ගමන් කරන ආකාරය දැක ගන්නට ලැබුණි.මෙම තත්වය හමුවේ මාර්ග අනතුරු ප්‍රමාණයද සාපේක්ෂව ඉහළ මට්ටමක් කරා ගමන් ගත් බව විවිද පුවත් හරහා වාර්තා විය.මෙයට වැඩි වශයෙන් බලපාන ලද හේතුවක් වූයේ බීමතින් රිය ධාවනය කිරීමය.
ඒ අනුව පසුගිය අප්‍රේල් මස 18 වෙනිදා දහවල් 12.00 සිට ඊයේ උදෑසන 6.00 දක්වා වූ පැය 18ක කාලය තුලදී සිදුකළ රථ වාහන මෙහෙයුමකින් බිමත් රියැදුරන් 905 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටි.
අලුත් අවුරුදු කාල සීමාවේදී ගම්බිම් බලා ගිය ජනතාව නැවත පැමිණීමේදී ඔවුන්ව රථ වාහන අනතුරු වලින් වලක්වා ගැනීමට සහ වේගයෙන් රිය පැදවීම අවම කිරීම සඳහා මෙම විශේෂ රථවාහන මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
මේ අතර මෙම කාල සීමාව තුලදී විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 6898ක් පොලිසිය විසින් ලබාගෙන ඇත. සිදුකළ විශේල්ෂණයකදී වැඩි වශයෙන් මාර්ග නීති උල්ලංඝණය කිරීම් සිදුකර ඇත්තේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියැදුරන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන ලදී.
වසරකදී මෙරට සිදුවන රිය අනතුරු වලින් සීයයට 75 කට ආසන්න ප්‍රතිශතයක් සඳහා වගකිව යුතු වන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් ඒවා පදවන රියැදුරන් දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.