Monday, May 20, 2024
HomeLocalපරපුරක ආරම්භය

පරපුරක ආරම්භය

පරපුර තරුණ ව්‍යාපාරයේ සමාරම්භක උළෙල හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( ජුලි 11 ) දින සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වුනි . ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂක සතිර සරච්චන්ද්‍ර සහ green blood සංවිධානයේ රන්දුල අබේධීර ගේ ප්‍රධානත්වයෙන් සහ තරුණ සංවිධාන ගණනාවක සහයෝගයෙන් සංවිධානය කරතිබූ මෙම වැඩසටහනට විශාල තරුණ තරුණියන් පිරිසක් සහබාගීවී සිටියහ.


රටේ තරුණ පරපුර වර්තමාන දේශපාලන කියාකාරිත්වය සම්බන්දයෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සමග දීර්ඝව සාකච්චකල අතර ජේ ආර් ජයවර්ධන 1977 දී තමන් ඇතුළු ගාමිණි, ලලිත් වැනි එදා තරුණයන්ට දේශපාලනයේදී ලබාදුන් පන්නරයත් , තරුණ අදහස් අනුව හැඩ ගැසෙමින් තරුණ හඩට කන්දෙමින් රටේ සංවර්ධනයට තාරුණ්‍යයේ දායකත්වය ලබාගත් අයුරුත් සිහිපත්කල ඔහු, පරපුර තරුණ ව්‍යාපාරය සමග එක්වෙමින් රට ගොඩනැගීමට දායක වන ලෙසත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලාසිටියේය. තාරුණ්‍යයේ යෝජනා අදහස් අනුව රටේ දේශපාලන ක්‍රියාවලිය සකස්වියයුතු බවත් ඒසදහා ක්‍රියාකිරීමට තමන් සැමවිටම සුදානම් බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

පරපුර තරුණ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ නිළ web අඩවිය විවුර්ත කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට හිටපු තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, හිටපු අමාත්‍ය දයා ගමගේ , කොලබ දිස්ත්‍රික් අපීක්ෂක උදාර රත්නායක , එ ජා ප ජාතික ලැයිස්තු අපේක්ෂක ලසන්ත ගුනවර්දන ඇතුළු සම්බාවනීය පිරිසක් සහ විශාල තරුණ තරුණියන් රැසක් සහභාගී විය .

- Advertisment -

Most Popular

Recent Comments