Friday, May 24, 2024
HomeLocalසහල් ගැන ඇසූ හේෂාට ඇමති බන්දුලගෙන් සැර පිළිතුරක් ..

සහල් ගැන ඇසූ හේෂාට ඇමති බන්දුලගෙන් සැර පිළිතුරක් ..

මේ දින වල සහල් මිල පිළිබඳව විශාල වශයෙන් සමාජයේ කතා බහක් නිර්මාණය වී ඇත.ඒ ඉතා සීඝ්‍රයෙන් සහල් මිල ඉහළ යාමකට ලක්වී තිබීම නිසාවෙනි.මෙම තත්වය නිසාවෙන් ජනතාවගේ යම් යම් විරෝධතා රජය කෙරෙහි යොමු වෙමින් පවතින බැවින් ඒ සදහා බලපාන ලද සත්‍ය හේතුව පැහැදිළි කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ලදී.ඒ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ(ස.ජ.බ) මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී, කීරි සම්බා හා අනෙකුත් සම්බා මිල ඉහළ යෑම වැළැක්වීමට ඉදිරි දිනවල විසඳුමක් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළ අතර මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ යැයි ද ඇමැතිවරයා සදහන් කරන ලදී.

රජය සහල් මිල සැලකිය යුතු ලෙස පාලනය කර ඇතැයි කී ගුණවර්ධන මහතා සහල් තරගකාරී ලෙස මිලදී ගැනීම සාර්ථකව කර තිබෙන බවද සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව විවිධ තර්ජන වලට බියෙන් වී මිලදී නොගත් බවත් වර්තමාන ආණ්ඩුව එවැනි තර්ජන වලට බිය නොවන බවත් හෙතෙම සදහන් කාරන ලදී.

සතොසට හා සමුපකාර දෙපාර්තමේන්තුවට අද සහල් සම්පූර්ණයෙන්ම සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා නායකත්වය දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය යයිද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය.එසේම අතිගරු ජනාධිපතිතුමන් සහල් පිටරටින් ගෙන ඒමට නොදෙන බවත් දේශීය ගොවියා ශක්තිමත් කිරීමට එම පියවර ගෙන ඇති බවත් , එසේ නොවුණි නම් කිසිඳු සහල් හිඟයක් මතු නොවන බවත් සදහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments