Sunday, May 19, 2024
HomeLocalමහරගම - පමුණුවට රෙදි ගන්න ගියා නම් පරිස්සමෙන් - රෙදිපිළි තොග කඩයක...

මහරගම – පමුණුවට රෙදි ගන්න ගියා නම් පරිස්සමෙන් – රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ්

පසුගිය උත්සව සමයේ දිවයිනේ බොහෝ ප්‍රධාන නගර විශාල වශයෙන් ජනාකීරණ තත්වයකට පත් වෙන ලදී.ඒ අතර වඩාත් වැඩි ජනගහනයක් ගැවසුණු නගරයක් ලෙස මහරගම නගරය හඳුනා ගත හැකිය.උත්සව සමයේ විශාල ජනතාවක් රෙදි පිළි මිළදී ගැනීමට මහරගම නගරයට පැමිණි බව සමාජ මාධ්‍ය හරහා පවා දැක ගත හැකි විය.

කෙසේ වෙතත් එවැනි තත්වයක් මත මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇත. වෙළෙඳ සැලේ සිටි 46 දෙනකුට සිදුකළ PCR පරීක්ෂණවලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.

පසුගිය අවුරුදු සමයේ මහරගම පමුණුව රෙදිපිළි මිලදී ගැනීම සඳහා අධික ජනතාවක් රැස්ව සිටි අතර මෙම වෙළදසැලේ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණ මගින් සෙසු ආසාදිතයින් 16 දෙනා හඳුනා ගෙන ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන ලදී.

මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ රජයේ බැංකුවක නිලධාරීන් 300කට පමණ කළ PCR පරීක්ෂණවලදී ඉන් 35 කට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.ඉන් 18 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගෙන ඇති බවද වාර්තා වේ.

කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ සඳහන් කළේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සහ අහඹු PCR පරීක්ෂණ 600කට ආසන්න පිරිසක් සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ PCR පරික්ෂණ 130ක් මගින් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු හඳුනා ගෙන ඇති බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටි.

ඇරැව්වල, රත්මල්දෙණිය, බෝකුන්දර සහ ගොරකාන යන ප්‍රදේශවල ස්වයං නිරෝධායනය කර තිබු පුද්ගලයින් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. මෙලෙස වාර්තා වූ ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් සොයා අනිද්දා දිනයේදී ඔවුන්ට ද PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන ලදී.

- Advertisment -

Most Popular

Recent Comments