Friday, May 24, 2024
HomeLocalඅද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මේ දින වල පවතින කාලගුණික තත්වය වරින් වර වෙනස් වන සුළු ස්භාවයක් ගන්නා බව බැලූ බැල්මට පෙනී යයි.ඒ අනුව අද දින දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මෙලෙස වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර දකුණ සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කර සිටී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

- Advertisment -

Most Popular

Recent Comments