Monday, May 20, 2024
HomeLocalදිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ..

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ..

අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ පවසයි.

ඔහු සදහන් කළේ, ඒ අනුව

* ගම්පහ දිස්ත්‍රික්කය –

කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ,

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, අස්වෙන්නවත්ත නැගෙනහිර.

* කළුතර දිස්ත්‍රික්කය –

මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර, පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම්,

* ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය –

ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද හුදකලා කෙරෙනු ඇති.

- Advertisment -

Most Popular

Recent Comments