Sunday, May 19, 2024
HomeSportsපිතිකරුවන්වට වැඩි වාසි ගෙනදුන් ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය...

පිතිකරුවන්වට වැඩි වාසි ගෙනදුන් ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(25) ජය පරාජයෙන් තොරව අවසන් විය.

මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 07 ක් දැවී ලකුණු 541 ක් ලබා සිටියදීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 648ක් රැස් කරගෙන සිටියදී අද සිය ඉනිම අත්හිටුවුවිය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 244 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 166ක් ලබා ගත්තේය.

ටස්කින් අහමඩ් කඩුලු 3ක් දවා ගත්තේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ මුල් පෙළ කඩුලු 02 බිඳ වැටුණේ ලකුණු 27කදීය.

ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 74 ක් රැස් කළේය.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 33 ක් අවසානයේදී කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 100 කි.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට හිමිවිය.

දෙරට අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29වැනිදා පල්ලේකැලේදී ආරම්භ වීමට නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments